Olcott Schools Alumni in United Arab Emirates is a prominent and one of most active organization in the Sri Lankan Community in U.A.E. which aims to promote, foster and encourage unity and friendship among former students and their families currently reside in U.A.E, who represent Eight prime schools in Sri Lanka which were founded by Sir Henry Steel Olcott.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි වෙසෙන ඕල්කට් විද්‍යාලයීය ආදී ශිෂ්‍යයන්ගේ එකමුතුව විසින් එකතු කරන ලද මුදලින් පුද්ගලික සනීපාරක්ෂක (PPE - Kits ) ආවරණ පරිත්‍යාග කිරීම
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා පුරෝගාමී වී ආරම්භ කරනලද ප්‍රමුඛ බෞද්ධ පාසල් වන කොළඹ ආනන්ද, නාලන්ද, පන්නිපිටිය ධර්මපාල, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, මාතර රාහුල හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල් හි ආදී සිසුන් විසින් වසර 13 කට පෙර 2007 වසරේ ඇරඹි මෙම එකමුතුවේ සාමාජිකන් රටින් බැහැරව වාසය කලත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් නොමසුරුව හා නොපැකිලව ආධාර කිරීමටත් රට වෙනුවෙන් අවශ්‍ය විට තම යුතුකම් ඉටුකිරීමටත් ඇප කැපවී සිටි.
ඩුබායි සිට මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද්දේ වත්මන් සභාපති ඉන්ද්‍රලාල් සිල්වා හා අජන්ත ප්‍රේමරත්න මහතුන් වන අතර ශ්‍රිලංකාවේදී ⁣මෙම කාර්යය සම්බන්ධීකරණය කරණ ලද්දේ චමින්ද රබෙල් හා උපුල් ගමගේ යන මහතුන් විසිනි.
උපුල් ගමගේ - 071 - 8694769
චමින්ද රබෙල් - 076 - 7269059

Annual Sir Henry Steel Olcott Commemoration